ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානයක් බිහිකිරීමේදී එම සන්ධානයේ ඡන්ද ලකුණ පොහොට්ටුව නම් තමන්ට එවන් සන්ධානගත වීමකට එකඟ විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
තමන් ජනාධිපතිවරයාව තනිවම හමුවී, ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය වෙනම තරඟ කළ යුතුය යන සිය මතය පැහැදිළිව ප්‍රකාශ කළ බව, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම රාවයට පැවසීය.
විනය පරීක්ෂණ පැවැත්විය යුත්තේ තමන්ට නොව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දුර්වල කළ නායකයන්ට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව වෙනත් පක්‍ෂවලට සහය දැක්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට දින හතක් ඇතුළත කරුණු දක්වන ලෙස එම පක්‍ෂය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන්ගේ තීරණය දැනුම් දීම සඳහා ඉරිදා, එනම් හෙට (08) දිනයේදී තමන්ව හමුවීමට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇතත් ඔහු ඊට සහභාගී නොවී මඟහැරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන්නේ නාමික අග්‍රාමාත්‍ය තනතුරක් පමණක් බව පෙරේදා (04) පැවති මාධ්‍ය හමුවකදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා විසින් ප්‍රකාශ කර තිබිණි.
අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස බල කරමින් පවත්වන ජන රැළි මාලාවේ තවත් රැළියක් අද (05) පැවැත්වෙනවා. ඒ කුරුණෑගල සත්‍යවාදී පිටියේදීයි. රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ පස්වරු 2.30 ට පමණ රැළිය ආරම්භ කිරීමට නියමිත බවයි.
චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් හිස්වූ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ආසනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තවත් සිරිසේන කෙනෙකු පත්කිරීමට නියමිතව තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාව අද (06) පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්වූ පසුව ඔහු මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය තනතුර ලබාදෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට අග්‍රාමාත්‍ය තනතුර ලබාදුන් ආකාරයෙන්ම බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Prime Minister Ranil Wickremesinghe told a group of senior UNP members yesterday that he would be the Party’s candidate at the upcoming Presidential election.
The Sri Lanka Freedom Party (SLFP) would field its own candidate at the upcoming presidential election, SLFP Spokesperson MP Weerakumara Dissanayake said yesterday.
The Executive Presidency is still a powerful position despite the 19th Amendment, Opposition Leader Mahinda Rajapaksa said yesterday insisting they have picked the candidate who can make the most of that power to deliver effective leadership to develop the country.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අද පැවති එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවේදී තමන් එජාප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති අතර ඒ සඳහා එජාප ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ එකඟතාවය හිමිව තිබේ.
I believe that I would be fielded as the United National Party (UNP) presidential candidate with the blessings of Party leader Ranil Wickremesinghe and Speaker Karu Jayasuriya and with the consent of other party members, UNP Deputy Leader Minister Sajith Premadasa said yesterday.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දේශපාලන නොකර හමුදාවට සම්බන්ධ දෙයක් කළා නම් හොඳ බවට දැන් ඔහුගේ හැසිරීම අනුව සිතෙන බව අද (04) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කැබිනට් නොවන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.
‘‘යුක්තියට හඬක්’’ සංවිධානයේ මංගල සමුළුව අපේගම පරිශ‍්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන්.
එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජාතික ජන බලවේගයේ සංවිධාන යාන්ත්‍රණය මේ වනවිට සකස් කරමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසනවා. මේ මස මැද භාගයේ සිට සිය වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ගෙයින් ගෙට යාමේ වැඩසටහන ආරම්භ කරන බවයි මන්ත්‍රීවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
SLFP General Secretary Dayasiri Jayasekera says that 5 National List MPs who supported different political parties have been served notices to show cause within 7 days.
Page 501 of 549