Tuesday, January 27, 2026
Follow Us
අයවැය තෙවන වර කියවීම සම්මතයි

2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 81කි.

ඒ අනුව වැඩි ඡන්ද 41 කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණි.

 පසුගිය නොවැම්බර් 13 වනදා අයවැය විසර්ජන කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර නොවැම්බර් 21 වනදා දක්වා දෙවන වර කියවීමේ විවාදය පැවත්වීමෙන් පසු එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණි.