අද (22) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ 05වන සැසිවාරය නොවැම්බර් 18 සහ 19 දෙදින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පැවැත්විණි.
දිගු කලක් සටන් කර ඉල්ලා සිටි, ගොවි ජනතාවට ගොවිතැන්බත් කිරීම උදෙසා මහ පොළොවට ඇති අයිතිය ලබාදීමේ අය වැයක්, 2024 සඳහා ඉදිරිපත් කර ඇති බව, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව මෙය අවුරුදු 200ක් තිස්සේ නොවිසඳුන ප්‍රශ්නයක් විසඳා ගතහැකි අවස්ථාවක් බවද පැවසීය.
ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු බලා සිටි විපක්ෂයේ සිහින මෙවර අයවැයෙන් බොඳ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පැවසීය.
හෙද වෘත්තිය පිළිබදව මගේ ජිවිත කාලය තුළ කිසිම කෙනක් අල්ලස් දුෂණ වංචා අක්‍රමිකතා පිළිබඳව පැමිණිලි පිළිබදව තමන් අසා නැති බවත් ශ්‍රී ලංකාවේ මොන වෘත්තීය පිළිබදව කවුරුන් කෙසේ සදහන් කළත් තිබෙන සියලු වෘත්තීත් අතරින් හෙද වෘත්තීය අනගිභවනීය විශිෂ්ට වෘත්තියක් බවත් ඒ විශිෂ්ටත්වය ආරක්ෂා කර ගැනීම වගකිමක් වන බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙන බව වැවිලි, ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ආර්ථිකය නැවත කඩා වැටීමේ අවධානමක් නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද (20) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
රටේ දරුණු ආර්ථික අර්බුදයක් අනාගතයේ නැවත ඇති නොවීමට විධිමත් ආර්ථික කළමනාකරණයක් සහිත අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සෙවීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි පත් කරන්නැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තුව දෙසැම්බර් 10 ඉරිදා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි - වැට් (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය එදින පැවැත්වීමට එකඟත්වය
හැමදේම විකෘතියට, විහිළුවට ලක් කිරීමට පාර්ලිමේන්තුව වේදිකාවක් කර නොගෙන, පාර්ලිමේන්තුවේ උත්තරිතරභාවය ආරක්ෂා කරගන්නා ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කළේය.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ආසියානු සාන්තිකර කලාපය නියෝජනය කරමින් 2024 වසරේ සිට 2027 කාලය දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාව සඳහා ඡන්ද හිමි රටවල් 188ක් අතරින් 144ක බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් 76%ක ඉහළ ප්‍රතිශතයකින් යුතු ව තේරී පත් ව ඇති අතර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් ඒ මහතාට සුබපැතුම් හිමි විය.
Page 46 of 551