ඉදිරි මහ මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් ඉල්ලා සිටි බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
Speaker Karu Jayasuriya has rejected claims he had sought a National List seat in Parliament through the United National Party (UNP) at the next Parliamentary election.
කාලයත් සමඟ වෙනස් වෙමින් ඉදිරියට යාමෙන් තොරව එක්සත් ජාතික පක්ෂයට කිසි දිනක බලය ලබාගත නොහැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.
ලකුණ පිළිබඳ ගැටළුව මෙතෙක් අවසන් නොවුණ ද ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සිදුකරන ප‍්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සජිත් පාර්ශ්වය තීරණය කර තිබෙනවා.
It is reported that President Gotabaya Rajapaksa has decided to dissolve the Parliament on 2nd March.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දරන සමයේදී රාජපක්ෂලාට එල්ල කළ චෝදනා අනුව, මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙන්ම රාජපක්ෂලාට ද කිසිදු ලැජ්ජාවක් නොමැති බව මේ වනවිට තහවුරු වී ඇතැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. අද (21) ජවිපෙ මූලස්ථානයේ පැවති මාද්‍ය හමුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙරට ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක කොටස් මිලදී ගැනීමට රක්ෂණ සංස්ථාව සූදානමින් සිටින බවත් අධි මිලට සිදු කිරීමට නියමිත මෙම කොටස් ගනුදෙනුවෙන් රුපියල් මිලියන 50ක් පමණ ප්‍රමාණයක් "ගොඩ ගොවිතැන් කරන හේවා" කෙනෙකුට ලැබෙන්නට නියමිත බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
වත්මන් පාර්ලිමේන්තුව තවත් දින නවයකින් ඈවර කරදමනු ඇති අතර නවය සමහරුන්ට නපුරු විය හැකි බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (21) අනතුරු හඟවා සිටියේය.
ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ කුමන දිස්ත්‍රික්කයෙන්ද යන්න පිළිබඳව තමා තවමත් තීරණය කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දිස්ත්‍රික්ක කිහිපයක එජාප පාක්ෂිකයන්ගෙන් ඉල්ලීම් ලැබී ඇති බවත් එම ඉල්ලීම් පිළිබඳව සලකා බලා සහ මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ ඉල්ලීම් ද සලකා බලා මැතිවරණයට තරග කරන දිස්ත්‍රික්කය පිළිබඳව තීරණය කරන බවයි ප්‍රේමදාස මහතා පවසන්නේ.
එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ ඉතාම එකමුතුභාවයකින් යුතුව කටයුතු කිරීමට සූදානම් වෙද්දී ඇතැමුන් ඊට බාධා කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා චෝදනා කරයි.
පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවෙහි සම්මත නොවුණ ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව එම මුදල් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය හිමිවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කිරිම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණී.
ආන්දෝලනාත්මක එයාර් බස් වංචාව සම්බන්ධයෙන් ද තමන්ගේ නම පටළවා එහි සැබෑ වැරදිකරුවන් බේරී යාමට උත්සාහ දරන්නේ යැයි තමන්ට හැඟෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ආණ්ඩුව පරිපූරක ඇස්තමේන්තුවක් මඟින් බිලියන ගණනාවක මුදලක් ලබාගැනීමට උත්සාහ කළේ මැතිවරණය වෙනුවෙන් වියදම් කිරීමටය යන්න ඒ පරිපූරක ඇස්තමේන්තුව හකුළා ගැනීමෙන්ම ඔප්පු වුණු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
පාර්ලිමේන්තුවට ඊයේ (20) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතුරු සම්මත ගිණුම සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාව ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් ජනතාවට සිදු වන අපහසුතාවලට විපක්ෂය වගකිව යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
The internal tug of war within the UNP regarding the leadership, symbol and the proposed alliance took a new turn at the UNP Working Committee meeting at Sirikotha on Wednesday, February 19 when some party heavyweights manhandled others over disagreement on the symbol to be used by the UNP-led alliance at the upcoming General Elections.
පොදුජන පෙරමුණේ නායකයින් පසුගිය 17 වැනි දින කඩිමුඩියේ එක් දිනක් ඇතුලත ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය නමින් දේශපාලන සන්ධානයක් හැදුවත් ඡන්දය ඉල්ලන්නේ පොදු ජන පෙරමුණ පක්ෂයෙන් බව ඉරිදා දිවයින පුවත්පතේ මාධ්‍යෙවේදී අනුර බාලසුරිය සහ අරුණ බෝගහවත්ත වාර්තා කරයි.
සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් අනතුරුව එතෙක් පැවති ඩීල් දේශපාලනය අවසන් වූ බවත් ඊයේ පාර්ලිමේන්තුවේදී දැකගන්නට ලැබුණේ එය බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
Page 420 of 552