Sunday, May 17, 2026
Follow Us
කතානායකට එරෙහි විශ්වාසභංගය 5 වැනිදා බාරදෙයි

කතානායකවරයාට එරෙහිව අත්සන් කෙරුණු   විශ්වාස භංග යෝජනාව ලබන 5 වැනිදා බාරදීමට නියමිත බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

යෝජනාවට අත්සන් ගැනීම අවසන් කර ඇතැයිද ඔහු කීය.

සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් මෙම යෝජනාවට සහාය දැක්වීමට දැනටමත් තීරණය කර ඇත.

-Lankadeepa