Friday, February 13, 2026
Follow Us
ප්‍රහාරයේ වගකීම භාර ගන්නවා-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනකට සහභාගි වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගන්නා බවයි.

පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දී බලයේ සිටියේ තම ආණ්ඩුව වන බැවින් එහි වගකීම් වලින් පැන යාමට නොහැකි බවත් ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් විපක්ෂයක් ලෙස පාස්කු බෝම්බ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමෙන් රටේ ප්‍රශ්න ඇති කිරීමට සූදානම් වන්නේ නැතැයිද ඒ මහතා කියා සිටියේය.

(Lanka Leads)