Wednesday, May 20, 2026
Follow Us
Political

දුමින්ද සිල්වාට ලබා දී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් පසු ඉදිරියේදී ගත යුතු ක්‍රියාමර්ග ගැන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දුමින්ද සිල්වාගේ සොහොයුරු හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ ද සිල්වා මහතා අතර සාකච්ජාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.

Political

පළමු වරට අගමැතිත් එයි

Political

ජනතා විමුක්ති පෙරමුණ අද ආණ්ඩුව භාරගතහොත් හෙට දිනයේ සිට ශ්‍රී ලංකාවට ඩොලර් ගලාගෙන එන්නට පටන් ගන්නා බවත් විදෙස්ගත ශ්‍රමිකයින් හරහා පමණක් මාසිකව ඇමරිකානු ඩොලර් බිලියන එකහමාරක – දෙකක පමණ මුදලක් මෙරටට ගෙන්වා ගැනීමට තම පක්ෂයට හැකි බවත් එම පක්ෂයේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

Political

21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ආණ්ඩුව තුළම කණ්ඩායමක කඳවුරු බඳිමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලෙකම පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

Political

ජාතික ජන බලවේගය කියන්නේ ද අමුතු කතාවකි. ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුව හා අගමැතිවරයා 21 වෙනි සංශෝධනයෙන් බලවත් වුව ද වත්මන් අගමැතිවරයාට එවැනි බලයක් ලැබීමට ජනවරමක් නොමැති බව ය. එම නිසා ඔවුහු ද කොන්දේසි ඉදිරිපත් කරති.

Political

සියළු දේශපාලන පක්ෂ රට ගොඩගැනීමේ සිය වැඩ පිළිවෙළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

Political

21ට තුනෙන් දෙක තියෙයිලු

Political

යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන උතුරු නැගෙනහිර දේශපාලන පක්‍ෂ නායකයින් සමග ලබන සිකුරාදා සාකච්ඡා කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ පවසනවා.

Political

විදේශිකයන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද පැමිණි අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.

Political

මෙරට ජාතික නිෂ්පාදනය සීඝ්‍රයෙන් කඩා වැටීම වර්තමානයේ මුහුණ පෑමට සිදුව ඇති ආර්ථික ආර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

Political

ශෂී වීරවංශට දැඩි ආරක්ෂාවක්

Political

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩු 05 ක් ගොනු කළා. ඒ, අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් සිය නිත්‍යානුකූල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 04කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින්.

Political

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කළ සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කලා. ඒ අනුව දුමින්ද සිල්වා යළි සිර බාරයට ගන්නා ලෙසද අධිකරණය විසින් නියෝග කර සිටියා.

Political

දැන් බලයේ ඉන්න අයට සහාය දිය යුතුයි

Political

රටේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදවලට එකම විසඳුම පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වී මැතිවරණයකට යෑම බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

Political

වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ ශෂී වීරවංශ මහත්මිය ඇපමත මුදා හැර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම නියෝගය ලබා දුන්නේය.

Political

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත්කර තිබෙනවා. මීට පෙර යහපාලන රජය සමයේදීද සාගල රත්නායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

Political

ශෂී ගේ ඇප ගැන නීතිපති ස්ථාවරය කියන්නැයි නොතීසි