Says every day President stays
in power constitutes an extra day of suffering forced on people
Opines present President and Govt. has little credibility within local and international community
Questions legality as it includes the very people who had made way for this crisis
Says urgently needed political and deep economic reforms to resolve crisis can only be done by a proper all-party Govt.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ දිනවල උදෑසන සිටම අග්‍රාමාත්‍ය කාර්යාලය අවට ගැවසෙමින් නොයෙකුත් ඩීල් දැමීමට තැත් කරමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.
පවතින ආර්ථික අර්බුදය හමුවේ ක්ෂේත්‍ර කිහිපයකට බලපා ඇති ගැටලු විසදීමට මේ වන විටත් රජය මැදිහත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහන්දානන්ද අලුත්ගමගේ පවසනවා.
පසුගිය ජනාධිපතිවරණය කාලයේ දී වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පැවසුවත් මේ වන විට රටේ ජාතික ආරක්ෂාව නැත්තටම නැති වී ඇති බවත් ඔවුන් ජාතික ආරක්ෂාව යැයි සැලකුවේ මිලිටරි ආරක්ෂාව මිස ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය, කෘෂිකාර්මික ආරක්ෂාව නොවන බවත් ඒ හේතුව නිසා අප රට මේ වන විට නැතිබැරි දුප්පත් රටක් ලෙස ලෝකය තුළ අපේ ආත්ම අභිමානය නැති වී ඇති බවත් (30) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පක්‍ෂ, පාට භේද අමතක කර සියලු පාර්ශව එක්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මාතර පැවති විරෝධතා පාගමනකට එක්වෙමින් සදහන් කළේ රට ගොඩනැගීම සදහා සියලු පාර්ශවයන්යන්ගෙන් සැදුම්ලත් මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පත ගැසට් කර සති පහකින් අනතුරුව පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කල හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ පවසනවා.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිනොකිරීම හරහා මෙරට ජනතාව මුහුණ දෙන පීඩාවන් තවදුරටත් උග්‍ර වන බව සමගි ජන බලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ රට ගොඩගැනීමට නම් අනිවාර්්‍යයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකළ යුතු බවයි.
පවතින ප්‍රශ්නවලට ආණ්ඩුව කිසිම විසඳුමක් නොදෙන තත්ත්වයක ජනතාව සමඟ කැරැල්ලට එකතු වෙන දවස වැඩි ඈතක නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
දේශපාලඥයින් වරාය අධිකාරිය සිය දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා බවට කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාස්කෝරාළ චෝදනා කරනවා. විෂයභාර අමාත්‍යවරුන් වරාය අධිකාරියට සුදුසුකම් නොමැති 1000 කට අධික පිරිසක් එකවර සේවයට බඳවා ගන්නා බවයි ඔහු පැවසුවේ.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අසාධ්‍ය තත්වයෙන් කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන කටකතා අසත්‍යය බව ආරංචිමාර්ග පවසයි.
පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි රජයට බලපෑම් කරන ලෙසට මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේගෙන් ඉල්ලීමක් කළ බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.
රට තුළ දැවැන්ත අර්බුධයක් පවතින සමයක එම අර්බුධයට මුවා වී රටේ වටිනා සම්පතක් වන කොලොන්නාව තෙල් පිරිපහදුව විදෙස් රටවලට විකිණිමට රාජපක්ෂ පවුල ප්‍රමුඛ මේ රජය ගන්නා වූ උත්සාහය තරයේ හෙළා දකින බවත් ඒ සඳහා සම්බන්ධ වන සියලුම අමාත්‍යවරුන්ට, ලේකම්වරුන්ට සමගි ජන බලවේග රජයක් යටතේ නීතිය හමුවට ගෙන විත් දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වසර දෙකක් තිස්සේ විනාශ කළ රටක් එක දවසකින් දෙකකින් ගොඩදැමිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා. එනිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩනැංවීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතු බවයි නියෝජ්‍ය නායකයා පෙන්වා දෙන්නේ.
ජනාධිපතිවරයා හිටියත් නැතත් අගමැතිකම සහ කැබිනට් මණ්ඩලය භාර දෙන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකට රට ගොඩගැනීමට මාස 06න් හැකි නම් සියලු දෙනා එකතු වුණොත් එය මාස 03න් කළ හැකි හෙයින් සියලුම දෙනා නියෝජනය වන සර්ව පාක්ෂික ආණ්ඩුවක් දැන් හෝ සාදා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
Page 145 of 551