Wednesday, April 01, 2026
Follow Us
Political

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වී තිබෙනවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගැනීමට සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.

Political

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර තිබෙනවා.

Political

ජනතාවගේ කැමැත්ත සහ පාර්ලිමේන්තුවේ සංයුතිය පිළිබඳ දැවැන්ත පරස්පරයක් නිර්මාණය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මේ නිසා ඉක්මන් මැතිවරණයක් පවත්වා සැබෑ ජනමතය පිළිබිඹු කරන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Political

7 වන විධායක ජනාධිපති තනතුර මේවනවිට මෘත දේහයක් බවට පත්ව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කනපිට වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

Political

අධිකරණය ඉක්මනින් පෙත්සම කැඳවීමට කටයුතු කරයි

Political

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනේ රැඳී සිටින බවත්, BBC පුවත් සේවය සමග සිදුකළ සම්මුඛ සාකච්ජාවේදී තමන්ට ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින
බවට පැවසුවේ වැරදීමකින් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

Political

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දක්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාරදී නොමැති බවත් අද දිනය තුලදී එම ලිපිය යොමු කරනු ඇති බව කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටිනවා.

Political

අරගලකරුවන් යනු තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය, ශිෂ්‍ය සංගමය සහ කලා සංගමය යනාදී පිරිසක් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Political

නිවස ගැනි තැබූ විදිහ ගැන රනිල් හෙළි කරයි

Political

ජාත්‍යන්තර මාධ්‍ය මෙරට ජනාධිපති ගැන හෙළි කල දේ

Political

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීමට පාර්ලිමේන්තුවේ සෙසු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව සමඟි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ ජාතින සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශවවල එකඟතාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

Political

කතානායක ජාත්‍යන්තර මාධ්‍යයකට රහසක් හෙළි කරයි

Political

තමන්ගේ සහ තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන තුරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රමාද වෙන තත්වයක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Political

හෙට දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කර ගන්නා තෙක් ජනාධිපති ධූරයේ වැඩ බැලීම කවුරුන් වෙත හිමි වේදැයි මේ වන විට බොහෝ පාර්ශවවල සාකච්ඡාවට බදුන්වන මාතෘකාවක් වී තිබෙනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා.

Political

පක්ෂ නායකයෝ අරගලකරුවෝ හමුවෙති

Political

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස කවුරුන් පත් වුවද ඔහු පිළිගැනීමට ජනතාව සූදානම් වන්නේ නම් කිසිදු ගැටලුවකින් තොරව නව ජනාධිපතිවරයාට සහාය ලබාදීමට සිය කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

Political

බැසිල් නැවත හැරී යයි

Political

ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්,ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.