Tuesday, May 19, 2026
Follow Us
Political

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ විධායක සභාව ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළකිරීමට තීරණය කර ඇති බවක් මාධ්‍යවල පළ වී තිබුණ ද එවැනි තීරණයක් එම විධායක සභා රැස්වීමේදී නොගත් බවත් ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ සැමවිටම සිටින්නේ පක්ෂයේ තීරණය සමග බවත් එම තරුණ පෙරමුණේ සභාපති ඩී. වී. චානක මහතා පවසයි.

Political

09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීම සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් වඩාත් සුදුසු අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඔහුගේ දේශපාලන අත්දැකීම්, ජාත්‍යන්තර පිළිගැනීම වෙනත් කිසිදු අපේක්ෂකයෙකුට නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Political

ජාතික ජනබල වේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

Political

පුරප්පාඩුවී ඇති ජනාධිපති ධූරය සඳහා සුදුස්සෙකු පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී තමන් ඡන්දය භාවිත කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක පවසනවා. ඒ, එම පක්ෂය කිසිඳු අපේක්ෂකයෙකුට ඡන්දය භාවිත නොකිරීමටඑ තීරණය කර ඇති පසුබිමක් තුළයි.

Political

තුනෙන් දෙකකට ආසන්න බලයක ලබාගෙන ආණ්ඩුව පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර තුනක් සම්පූර්ණවීමටත් පෙර ගෙදර යාමට සිදුවූයේ නිවැරදි තීරණ ගැනීමට අසමත් වීම නිසා සහ නිවැරදි තීරණ නිවැරදි වේලාවේදී ගැනීමට අසමත් වීම නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

Political

පාර්ලිමේන්තුවේදී ලබන 20 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට අපේක්ෂකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාද ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

Political

හිටපු ජනපති අමරිකාවට යාම අතහැර දමයි

Political

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුර කාලය තුළ සිදුවුණේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ඒ මහතාගේ සමීපතම හිටපු අමාත්‍යවරයකු වූ මොහොමඩ් අලි සබ්‍රි මහතා ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දැක්වූයේය.

Political

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අද දිනයේදී අවසන් තීරණයකට එළඹෙන බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත සිය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා තනි මතයට අනුව ක්‍රියාකිරීමට යෑමෙන් පක්ෂය කොටස් කිහිපයකට කැඩී යා හැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසනවා.

Political

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතත් ඒ සම්බන්ධයෙන් පාර්ශව රැසක් සමඟ තවදුරටත් සාකච්ඡා කරන බව සමඟි ජනබලවේගය පවසනවා. ඒ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මේ බව කියා සිටියා.

Political

ලබන සතියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම තියුණු මුහුණුවරක් ගනු ඇති බවට වාර්තා පල වනවා. ඒ සඳහා ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර ඇති අපේක්ෂකයින් ජයග්‍රහණය කරවීම සඳහා එම අපේක්ෂකයින්ට සහය දක්වන පාර්ශව මේ වන විට මෙහෙයුම් අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

Political

ගෝල්ෆේස් අරගලයට ගොස් නිරුපද්‍රිතව පැමිණි එකම මන්ත්‍රිවරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. අරගලයේදී ඔහුට විරෝධයක් එල්ල නොවූයේ කුමාර් ගුණරත්නම් සමග ඔහුට තිබෙන පැරැණි සබඳතාවක් නිසා බව කියැවිණි. ඒ අතරේ තවත් කතාවක් පැතිර ගියේ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා හමුදාව සමග එක් වී රට අල්ලන්න යන බවය. මේ එම කතාවලට ඔහු උත්තර දුන්නේ මෙසේය.

Political

ඉතිහාසය වෙලාගත් වංචනික දේශපාලන සංකෘතිය ගැන ප්‍රකාශයක්

Political

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

Political

තමන් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු නව ජනාධිපතිවරයකු තෝරාපත් කරගැනීම පිණිස පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී කිසිදු අපේක්ෂකයකුට ඡන්ද ප්‍රකාශ නොකිරීමට තීරණය කර ඇති බව සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

Political

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

Political

විමල් වීරවංශගෙන් ප්‍රකාශයක්