Monday, February 02, 2026
Follow Us
22 තවත් දින 2කින් මැතිසබයට

පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේ සූදානමක්


විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 27 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

මේ අනුව එම පනත් කෙටුම්පත පළමු වර කියවීමෙන් සතියකට පසු විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව හැකියාවක් පවතී.

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද පසුගියදා හිමිවිය. ඉන් අනතුරුව පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් පසුගිය ජුනි මස 24 වෙනිදා ප්‍රකාශයට පත් කෙරිණ.

මේ අතර විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු සිදුකෙරෙමින් පවතී.

Aruna