ආණ්ඩුව මුලින් ප්‍රකාශ කළ පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් ඊයේ දිනයේදී හදිසි නීතිය සඳහා සහය නොදීමට ශ්‍රීලනිපය තීරණය කළ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සම්බන්ධයෙන් තවමත් සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
රට පත්ව ඇති ආර්ථික කඩා වැටීම තුළ දමිළ ප්‍රජාවට රටතුළට මුදල් ගලාඒමේ ක්‍රියාන්විතයට අවස්ථාව ලබාදිය යුතු බවත්, ඒ සඳහා උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ආර්ථික කලාප ස්ථාපිත කළ යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශනාකියන් රසමානික්කම් මහතා (27) දින පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.
The Janatha Vimukthi Peramuna (JVP) today urged the government to stop arrests and suppression of Galle Face protesters.
පස්සේ දොරෙන් බලයට ආවත් රනිල් වික්‍රමසිංහ මහතාට නිවැරදි වීමට තිබුණ අවස්ථාව නැති කරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.
තමන් වත්මන් රජයේ අමාත්‍ය ධුරයක් භාරගනු ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණු පුවත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26) මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාව හමුවී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නොතීසි නිකුත් කර තිබේ.
මැයි 09 වනදා ගාලු මුවදොර ඇතිවූ සිද්ධියේදි හානියටපත් පාර්ෂවයන්ට වන්දි ගෙවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වෙනවා. මහජන ආරක්ෂක පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය විවාද කර අද පාර්ලිමේන්තුවේදී අනුමත කර ගැනීමට නියමිතයි.
විමල් වීරවංශගේ හෙළුව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වූ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම යයි කියමින් ගේම් ගසමින් එයිනුත් ගොඩයෑමට කළ උත්සාහය පෙන්නුම් කළ බවයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේ.
හදිසි නීති ප්‍රකාශන රෙගුලාසි සම්මත කිරීම පිළිබද වූ විවාදය වැඩි ජන්ද 57 කින් සම්මත වුණා. එහිදී පක්ෂව ජන්ද120ක් සහ විපක්ෂව ජන්ද 63ක් ප්‍රකාශ වුවා.
ජනතාවගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබා නොදෙමින් සෘජු හා වක්‍ර ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය මර්ධනකාරී ලෙස මුදාහරිමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමග සම්බන්ධ නොවීමට සමගි ජන බලවේගය සහ සමගි ජනබල සංධානයේ මන්ත්‍රි කණ්ඩායම සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ.
Page 135 of 553