Wednesday, January 28, 2026
Follow Us
පාර්ලිමේන්තුව රැස් වෙයි

අද (07) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 4.30 දක්වා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංගත්වය පළ කිරීමේ යෝජනාව පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව, ප.ව. 4.30 සිට ප.ව. 7.30 දක්වා දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.