Tuesday, February 03, 2026
Follow Us
ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න කණ්ඩායම් 2ක්

කුරුණෑගලට සහ කොළඹ ජොන්ස්ටන් අල්ලන්න පොලිස් මෙහෙයුම්


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 2ක් කුරුණෑගලට සහ කොළඹට පිටවගොස් තිබේ.

මැයි 09 වනදා ‘ගෝ’ ගම්වල අරගල භූමිවලට පහරදීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ව සැකකරුවෙකු ලෙස නම්කර ඇත.

09 වනදා සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු එලෙස ඊයේ (01) සැකකරුවන් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මගින් නම්කර තිබුණි.

Aruna