Wednesday, February 04, 2026
Follow Us
අගමැති වගකීම් පෑවරු හැටි

ඛනිජ තෙල් සම්බන්ධ වගකීම සාගලට


අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබා දීම සඳහා ඊට අදාළ අංශ සමග සාකච්ඡා කොට යෝජනා ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පත් කර ඇති බවට වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායකට ඛනිජ තෙල් සම්බන්ධව වගකීම භාර දී ඇති බවටයි වාර්තා වේ.

එමෙනම ඖෂධ හිඟය මඟහරවා ගැනීම සම්බන්ධයෙන් අදාල තොරතුරු ලබාගැනීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට පවරා ඇති අතර එජාප උප නායක අකිල විරාජ් කාරියවසම්ට පොහොර අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පවරා ඇත.

(Aruna)