Wednesday, February 04, 2026
Follow Us
ජනපති අස්වුනොත් අගමැතිධුරයට සජිත් සූදානම් ලූ

නව රජයක් ගැන SJB කියන කතාව


ජනපති ඉවත් වන්නේ නම් අගමැති ධූරය භාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා තිබේ.

අගමැති ධුරය භාර ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ ඇතුළු දේශපාලන පක්ෂවල නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(10) දිනයේ සාකච්ඡාවක් ඇතිව තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම වැඩිදෙනා යෝජනා කර ඇතත් විපක්ෂ නායකවරයා ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ නව රජයක් පිහිටුවීමට සමගි ජන බලවේගය සූදානම් බවය.

(Aruna)