Wednesday, February 04, 2026
Follow Us
කතානායක ජනපතිට හදිසි තත්ත්වයක් ගැන දැනුම් දෙයි

පක්ෂ නායකයෝ කඩිනමින් රැස් කිරීමට පියවර


පාර්ලිමේන්තුව වහාම කැදවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉල්ලීමක් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

කථානායකවරයා සදහන් කළේ රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් සංවාදයට ලක් කළ යුතු බවයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් නව අග්‍රාමාත්‍යවරයෙකු ද තෝරා පත් කර ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරී ඇති බව කථානායකවරයා සදහන් කරයි.

මේ අතර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) දිනයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද කැඳවා ඇත.

හෙට (11) පස්වරු 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.

(Aruna)