Wednesday, February 04, 2026
Follow Us
තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වෙයි

ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති පිළිගෙන නෑ


සමූපකාර සේවා සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරමින්, අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාරදී තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමිනි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපිය පිළිඅරගෙන නොමැති බවට තොරතුරු වාර්තා වේ.

(Aruna)