Wednesday, February 04, 2026
Follow Us
ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන් සජිත් ප්‍රේමදාසට ලිපියක්

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් යෝජනා දෙකක්


පාර්ලිමේන්තුවේ ස්වාධීනව විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් (05) භාර දී තිබේ.

ඒ, ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ සිය මතය දක්වමිනි.

එම ලිපිය මගින් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ වත්මන් ආණ්ඩුව පිළිබඳ සාතිශය බහුතර ජනතාවට කිසිදු විශ්වාසයක් නොමැති බැවින් එය ඉල්ලා අස්විය යුතු බවද එසේ නොවන්නේ නම් ඉවත් කළ යුතු බවද සිය විශ්වාසය බවයි.

නමුත් විශ්වාසභංග යෝජනාවක් හරහා ආණ්ඩුව ඉවත් කිරීමෙන් පසු රට පාලනය කරන ක්‍රමවේදය පිළිබඳ සමගි ජන බලවේගයට අදහසක් තිබිය යුතු බව ඔවුන් විසින් ප්‍රශ්නර කර තිබේ.

මෙහිදී ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම යෝජනා දෙකක් ඉදිරිපත් කරන අතර පළමු යෝජනාව ලෙස ඔවුන් දක්වා ඇත්තේ සර්ව පාක්ෂික ජාතික එකඟතා ආණ්ඩුවට සමගි ජන බලවේගයද දායක වීමය.

අනෙකුත් දේශපාලන බලවේග සමඟ කටයුතු කිරීමට සමගි ජන බලවේගය අකමැති නම් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය විසින් ආණ්ඩුව භාර ගැනීම දෙවන යෝජනාව ලෙසත් ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ අනුව ඔවුන් ඉල්ලා ඇත්තේ විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබාදීම සඳහා, එම විකල්ප දෙකෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන විකල්පය කුමක්දැයි කඩිනමින් දැනුම් දෙන ලෙසයි.

(Aruna)