Wednesday, February 04, 2026
Follow Us
අනුරගේ චෝදනාවට මෛත්‍රීගෙන් උත්තර

මෛත්‍රීගේ ෆේස්බුක් පිටුවේ දැමූ නිවේදනය මෙන්න


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ පවුලේ අයට  (03) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවකදී එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම් වන සමීර ද සිල්වා විසින් එම ලිපිය නිකුත් කර ඇති අතර හිටපු ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේද එය පළකර තිබේ.

එහි දැක්වෙන්නේ,

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ කරුනු ඉදිරිපත් කිරීමේදී එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පවුලේ උදවිය හට මහ බැංකු බැඳුම්කර වංචාවෙන් සොරාගත් මුදල්වලින් යම් කොටසක් බෙදාදුන් බවට දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද චෝදනාව තරයේ පිළිකුලෙන් යුතුව හෙලා දකින බවය.

දේශපාලන වාසි තකා පදනම් විරහිතව නිරිදෝශී පුද්ගලයන් හට චෝදනා එල්ල කිරීම සදාචාරාත්මක දේශපාලන ක්‍රියාවක් නොවන බවද ඉන් පෙන්වා දෙයි.

ඉදිරියේදී මෙම ද්වේශසහගත ප්‍රකාශය සම්බන්ධව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද අදාළ ලිපියෙන් දැනුම්දී තිබේ.

සම්පූර්ණ ලිපිය පහතින්….

c4

(Aruna)