Wednesday, February 04, 2026
Follow Us
අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට පත් කළ කමිටුව සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක් අද

අන්තර්කාලීන ආණ්ඩුවක් සැකසීම සදහා වූ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සදහා පත් කෙරුණු ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ කමිටුව හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාක් අද පැවැත්වෙනවා.

නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ටිරාන් අලස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුයි එම කමිටුවට පත් කෙරුණේ. අද පැවැත්වීමට නියමිත සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා. එහිදී අන්තර් කාලීන ආණ්ඩුව, සමගි ජනබලවේගය ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගය හා දෝෂාභියෝගය ඇතුළු කරුණු කිහිපයක් පිළිබද සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර ජනතාව ඉල්ලා සිටින නව වැඩපිළිවෙලක රජයක් පිහිටුවීම සදහා මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවයි ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113කට වැඩි පිරිසක් අන්තර්කාලීන ආණ්ඩුවක් බිහි කළ යුතු බවට වන ස්ථාවරයේ සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මෙහිදී ප්‍රකාශ කළා.

(Neth)