Wednesday, February 04, 2026
Follow Us
ජනාධිපතිගේ නායකත්වයෙන් පත්වන කැබිනට් මණ්ඩලයකින් අර්බුදයට විසඳුම් ලබා ගත නොහැකි - ජවිපෙ

ජනාධිපතිවරයා නායකත්වය දෙන කැබිනට් මණ්ඩලයක් මගින් පවතින අර්බුදයට විසඳුම් ලබාගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මහා සංඝරත්නය සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් අතර ඊයේ රාත්‍රියේ කොළඹ පදනම් ආයතනයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මේබව කියා සිටියා.

එම සාකච්ඡාව කැඳවා තිබුණේ මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කළ පරිදි අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

(Neth)