Wednesday, February 04, 2026
Follow Us
අන්තර් කාලීන පාලනයක් ගැන මහා සංඝරත්නය කැඳවු සාකච්ඡාවට පොහොට්ටුව නොයයි

පවතින අර්බුදයට විසඳුමක් ලෙස අන්තර් කාලීන පාලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී සාධනීය ප්‍රවේශයකට පැමිණීමට හැකිවූ බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී උන්වහන්සේ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෙකු මෙම අවස්ථාවට සහභාගී නොවීම කණගාටුදායක බවයි ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළේ.

අන්තර් කාලීන ආණ්ඩුවක තනතුරු භාරනොගෙන ඊට සහය දැක්වීමට සමගි ජනබලවේගය මෙහිදී යම් කැමැත්තක් ප්‍රකාශ කළ බවයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)