Wednesday, February 04, 2026
Follow Us
අගමැතිට සහය දෙන්න 124ක් සොයා ගත් බව ආණ්ඩුව කියයි

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහය පල කරන මන්ත්‍රීවරුන් 124 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ සිටින බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා. ඔහු කියා සිටියේ ඔවුන්ගේ තීරණය ලිඛිතව මේ වන විටත් භාර දී ඇති බවයි.

පාර්ලිමේන්තුව තුළ 113 නොපෙන්වන කණ්ඩායමකට අග්‍රාමාත්‍ය ධූරය ලබා දුන හොත් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 124 දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ ආණ්ඩුව ඉවත් නොවුනහොත් ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වූ තම කණ්ඩායම අනිවාර්යයෙන්ම විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තීරණය කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පල කිරීමටයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමෙන් රටේ ප්‍රධාන ප්‍රශ්නය වන ආර්ථික අර්බුදයට පිලිතුරු නොලැබෙන බවයි.

(Neth)