Thursday, November 26, 2026
Follow Us
රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙකු දිවයිනට රැගෙන එයි

රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙකු ඩුබායි රාජ්‍යයේ සිට ගුවන් මඟින් මෙරටට රැගෙන ඒමෙන් පසු අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් භාරයට ගන්නා ලදී.

සැකකරු වයස අවුරුදු 26 ක් වන හැලඹගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු 2025.02.08 දින ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් රාජකාරි යෙදී සිටියදී සිය රාජකාරි සඳහා නිකුත් කර තිබූ ටී 56 ගිනි අවියක් සහ ජීව පතොරොම් 30 ක් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් වෙත අලෙවි කර මෙරටින් පලා ගොස් තිබුණි.

සැකකරු සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සිදුකරන බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.