Saturday, September 19, 2026
Follow Us
ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත ස්ථාන සකස් කිරීමට ගිවිසුම් අත්සන් කෙරේ
ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන හඳුනාගෙන ඒවා ආරක්ෂිතව සකස් කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, දිස්ත්රික් මට්ටමින් පළාත් පාලන ආයතන වෙත ප්රතිපාදන ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ(18) සිදු කෙරිණි.
මෙම වැඩපිළිවෙළ සඳහා රුපියල් බිලියන 1.5ක ප්රතිපාදන වෙන් කර ඇති අතර, ඒ යටතේ එක් දිස්ත්රික්කයක් සඳහා රුපියල් මිලියන 60 බැගින් ලබාදීමට නියමිතය.
 
දිස්ත්රික් මට්ටමින් අදාළ පළාත් පාලන ආයතන හරහා අනාරක්ෂිත හා අනතුරුදායක මාර්ග ස්ථාන හඳුනාගෙන අවශ්ය ආරක්ෂිත සංවර්ධන කටයුතු ක්රියාත්මක කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.
ඒ අනුව පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් සමඟ අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරිණි