Wednesday, March 11, 2026
Follow Us
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයෙක්
වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශයේ නව ලේකම් ලෙස ගුණදාස සමරසිංහ මහතා පත් කර තිබේ.

 

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (09) ජනාධිපති කාර්යාලයේදි ඒ මහතා වෙත භාර දෙන ලදී.
ශ්රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්රේණියේ නිලධාරියෙකු වන ගුණදාස සමරසිංහ මහතා මෙම ධුරයට පත් වන විට අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළේය.