අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය මගින් සිදුකළ විශේෂ විමර්ශනයකදී ඊයේ(24) මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
ඒ අනුව, අත්අඩංගුවට ගත් මෙම සැකකරු මේ වනවිට පොලීසියේ රඳවාගෙනෙ වැඩිදුර ප්‍රශ්නකිරීමේ කටයුතු සිදුකරමින් සිටි.
මේ අතර මෙම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් තවත් වෙඩික්කරුවෙකු අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී පසුගියදා(21) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 90ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.
පසුගිය 13 වැනිදා අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලක මෝටර් රථයක සිටි නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩික්කරුවන් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනයට ලක් විය.