Wednesday, February 25, 2026
Follow Us
රුසියානු තානාපතිවරයා ජනාධිපති ලේකම් හමු වෙයි

ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම ගැන සාකච්ඡා 

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතා අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ දෙරටටම බලපාන පොදු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, සංචාරක, වෙළෙඳ, තාක්ෂණික ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳවද අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී  German FEDOROV සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.