Wednesday, February 18, 2026
Follow Us
රවී ඇතුළු 07 ක් අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු අත්හිටුවන්න - අභියාචනාධිකරණයෙන් නියෝගයක්

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 07 දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තු අත්හිටුවන්නැයි අභියාචනාධිකරණ අද නියෝග කළේය.

බැඳුම්කර වංචාවට අදාලව රවී කරුණානායක මහතා ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබිණි. ඊට එරෙහිව කරුණානායක මහතා ඇතුළු පිරිස අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකළ අතර එම පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරිණි.

(LNW)