Friday, April 24, 2026
Follow Us
අලුත් මුහුණු වෙනුවෙන් අද එජාපයේ රැස්වීමක්

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (08) පැවැත්වෙනවා.

ඒ, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි.

කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයින් පිරිසක් එක් කර ගැනීම එහිදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගයට සහය ලබා දෙන එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් ද මෙහිදී තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

(Neth)