ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හවුල් අතීතයක් ඇති බවත්, කෞතුකාගාර එකතු කළමණාකරණය, පර්යේෂණ දැනුම හා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම යන ක්ෂේත්‍රවල සමීප සහයෝගීතාවයෙන් පොදු අනාගතයක් ගොඩනගා ගැනීමට එය ඉවහල් වනු ඇති බවත් නෙදර්ලන්ත සංස්කෘතික හා මාධ්‍ය අමාත්‍ය ගුනේ උස්ලු (Gunay Uslu ) පැවසීය.
නියඟයෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති “පැනමා ඇළ” මාර්ගයේ ගමනා ගමනය සීමා කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ඒ, වසරක කාලයක් සඳහා ය.
ලාඕස මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ කොන්සල්වරියවන, මනිලායි තිපලන්සි මහත්මිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා හමු විය.
සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා පූර්ණ සහාය ලබාදීමට නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එකගතාවය දක්වා ඇති අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබාදීමට ද එකඟතාවයක් ඇති වී තිබේ.
උගන්ඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එලිජා ඔකුපා (Elijah Okupa) සහ ගරු අබ්දු කටුන්ටු (Abdu Katuntu) යන මහත්වරු කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී හමු වූහ.
ජපාන NPO UNSDGs මානව සම්පත් සංවර්ධන ආයතනයේ සිසුන් පිරිසක් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (18) හමු විය.
සිම්බාබ්වේ දේශයේ හිටපු ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා දෙවැනි වරටත් ජනපති පදවියට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.‘දි ක්‍රොකඩයිල්’ සුරතල් නමින් ප්‍රකට වී සිටින 80 හැවිරිදි ම්නන්ගග්වා මෙවර ජනාධිපතිවරණයේදී 52.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
ප්‍රගතිය සහ නවෝත්පාදනයන් පිළිබඳ කැපවීම තහවුරු කරමින්, පළමු ගුවන් සේවා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (ICAR) 2023 පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පැවැත්විණ.
හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වීමට අමෙරිකාවේ ශකාරි රිචඩ්සන් සමත් විය.
ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට එක්සත් රාජධානියේ ආධාර වැඩසටහනේ 2 වැනි අදියර ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය වැඩබලන මහ කොමසාරිස් Lisa Whanstall මහත්මිය, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ෆ්ලෙමින්( Fleming) අරමුදලේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් පසුගියදා කොළඹ, අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් (Lee Hsien Loong) මහතා අතර නිල හමුව අද (22) දහවල් ඉස්තානා මන්දිරයේ දී සිදු විය.
රියර් අද්මිරාල් සංජය සච්දේවා ප්‍රමුඛ ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිසක් අද (28) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඔහුගේ කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේදි හමුවිය.
මෑත ඉතිහාසයේ බ්‍රිතාන්‍යයේ වඩාත්ම බිහිසුණු හා දරුණු දාම ඝාතකයා ලෙස සැලකෙන ලුසී ලෙට්බි නමැති හෙදියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. 33 හැවිරිදි කාන්තාව ඇය සේවය කළ චෙස්ටර් රෝහලේ ළදරුවන් 7 දෙනකු ඝාතනය කර ඇති අතර, තවත් ළදරුවන් 6 දෙනකු ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධව වරදකාරිනිය බව අධිකරණය තීන්දු කර ඇත.
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇට්ලන්ටාහි ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේ දී ලබා ගත් ‘මග් ෂොට්‘ නමින් හැදින්වෙන ඡායාරූපයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ආකාරයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාලදිවයින් මහකොමසාරිස් අලි ෆයිස් (Ali Faiz ) මහතා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.
ග්‍රීසියේ, දකුණු දිග ප්‍රදේශ කිහිපයකට සහ ඇතෑන්ස් නුවරට ලැව් ගිනි හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.
Page 56 of 368