Sunday, December 28, 2025
Follow Us
ඉන්දීය සංචාරකයින්ගේ ආකර්ෂණීයම ගමනාන්ත අතර ශ්‍රී ලංකාවට තෙවැනි තැන
2025 වසර අවසාන නිවාඩු සමයේ ඉන්දීය සංචාරකයින් වැඩිම පිරිසක් වෙන් කරවා ගත් විදෙස් සංචාරක ගමනාන්ත අතර තෙවන ස්ථානයට පත්වීමට ශ්රී ලංකාව සමත්ව තිබෙන බව ඉන්දියාවේ ප්රමුඛතම සංචාරක සේවා ආයතනයක් වන MakeMyTrip ආයතනය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දක්වා තිබේ.

මෙම වාර්තාව 2025 දෙසැම්බර් 20 වැනිදා සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ න්දියානු සංචාරකයින් විසින් සිදුකළ වෙන්කිරීම්, පසුගිය වසරේ අදාළ කාලයට සසඳමින් විශ්ලේෂණය කිරීමෙන් සකස් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

 
එහිදී ශ්රී ලංකාව ඉන්දියානු සංචාරකයින්ගේ ප්රියතම ගමනාන්තයක් ලෙස ඉහළ උනන්දුවක් ලබමින් සිටින බව සඳහන් වන අතර මෙම ලැයිස්තුවේ ප්රථම ස්ථානය තායිලන්තයට හිමිව ඇති අතර, දෙවැනි ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්යයට හිමිව තිබේ.
වියට්නාමය පසුගිය වසරේ හත්වැනි ස්ථානයේ සිට මේ වසරේ සිව්වැනි ස්ථානයට පැමිණීම විශේෂත්වයක්.
ඊට අමතරව මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ හොංකොං යන රටවල් ද ඉන්දියානු සංචාරකයින් අතර ජනප්රිය ගමනාන්ත ලෙස ලැයිස්තුවට ඇතුළත් වී තිබේ.
සංචාරක කර්මාන්තයේ විශේෂඥයින් පෙන්වා දෙන්නේ, ශ්රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය, සංස්කෘතික උරුමය සහ ඉන්දියාවට ආසන්න භූගෝලීය පිහිටීම මෙම වැඩි උනන්දුවට හේතු වී ඇති බවයි.