වසර 30කට පසු පළමුවරට සෞදි අරාබියේ හිමපතනනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට බොහෝ ප්‍රදේශ හිමෙන් වැසී ගොස් ඇතැයිද, කාන්තාරවල අයිස් සහිත භූ දර්ශන නිර්මාණය වී ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එම දුර්ලභ දර්ශනය සෞදි වැසියන් විමතියට පත් කර ඇති බවත්, හිමෙන් වැසුණු කාන්තාර දැක බලා ගැනීමට සහ එහි අසිරිය විඳගැනීමට එරට අතිවිශාල පිරිසක් විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් සිටින බවත් ගල්ෆ් ටුඩේ පුවත් සේවය වාර්තා කර තිබේ.
සෞදි අරාබියේ උතුරින් පිහිටි ජබාල් අල් ලෝස් සහ ට්‍රෝජෙනා පළාත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 දක්වා පහත වැටී ඇති අතර, එම ඓතිහාසික දර්ශන සහිත වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාලයේ වේගයෙන් සංසරණය වී ඇතැයි ද ගල්ෆ් ටුඩේ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.