දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කරගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (08) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Mathew Duckworth මහතා මුණ ගැසුණි.
එහි දී දෙපාර්ශ්වය අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් රැසක් හුවමාරු විය.
සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය නිසා ව්‍යාපාර බිඳ වැටීම, ජන ජීවිත කඩා වැටීම, යටිතල පහසුකම් රැසක් විනාශ වීම සිදු වූ බව එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.