ආපදාවෙන් පසු දිවයින පුරා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩසටහනට සහාය වෙමින් බේලි පාලම් කොටස් සහ විශේෂඥ කාර්ය මණ්ඩලය රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 ගුවන් යානයක් අද (04) දහවල් මෙරටට ළගා විය.
මෙම ගුවන් යානය මගින් රැගෙන ආ බේලි පාලම් වල කොටස් මෙහෙයුම් අවශ්යතා අනුව භාවිතා කළ හැකි අතර පාලම් ඉදිකිරීමට අවශ්ය ද්රව්ය මෙන්ම, බලපෑමට ලක් වූ ප්රදේශවල ක්ෂණිකව යෙදවිය හැකි අඩි 110ක් දිග ද්වි-මාර්ග බේලි පාලම් සැකැස්මක් ද මීට අයත් වේ.
තවද, ගංවතුර සහ නාය යාම්වලට ලක් වූ ප්රදේශවල සෝදිසි, ගලවා ගැනීමේ සහ ප්රවාහන මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා ඩිංගි බෝට්ටු පහක් ද මෙම තොගයට ඇතුළත් වේ.
ක්ෂණික පාලම් යෙදවීම පිළිබඳ පුහුණුව ලත් 20 දෙනෙකුගෙන් සමන්විත ඉංජිනේරු කණ්ඩායමක්ද මේ සමග දිවයිනට පැමිණ සිටින අතර ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් සහාය වීමට වෛද්ය කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකුද මේ සමග පැමිණ තිබේ.
25 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම මෙරට ඉංජිනේරුවන් සහ හදිසි සහන සේවා කණ්ඩායම් සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරනු ඇත.
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් අවශ්ය ආහාර, වෛද්ය සැපයුම් ඇතුළු සහන සේවා අඛණ්ඩව සැපයීමටත්,ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙනුත් ඉන්දියාව ලබා දෙන මෙම අඛණ්ඩ සහාය ශ්රී ලංකාව ඉතා අගය කරයි.