ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
අද අක්තපත්‍ර භාර දුන් නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පහත පරිදි වේ.
- කොළඹ සිටින කැනඩා මහකොමසාරිස් ඉසබෙල් මාරි කැතරින් මාටින් මහත්මිය
Ms. Isabelle Marie Catherine Martin, High Commissioner of Canada, based in Colombo
- කොළඹ සිටින නෙදර්ලන්ත රාජධානියේ තානාපති වීබේ ජැකෝබ් ඩි බෝයර් මහතා
Mr. Wiebe Jakob De Boer, Ambassador of the Kingdom of the Netherlands, based in Colombo.
- කොළඹ සිටින ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ජෝන් ඩක්වර්ත් මහතා
Mr. Matthew John Duckworth, High Commissioner of the Commonwealth of Australia, based in Colombo.
- නවදිල්ලියේ සිටින ඇල්ජීරියානු මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තානාපති ඇබ්ඩනෝර් හොලිෆි මහතා
Mr. Abdenor Khelifi, Ambassador of the People's Democratic Republic of Algeria, based in New Delhi.
- නවදිල්ලියේ සිටින අයිස්ලන්ත ජනරජයේ තානාපති බෙනඩික්ට් හස්කුල්ඩ්සන් මහතා
Mr. Benedikt Höskuldsson, Ambassador of the Republic of Iceland, based in New Delhi.
මෙම රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිස උණුසුම් ලෙස පිළිගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔවුන් වෙත සිය සුබ පැතුම් එක් කළ අතර, ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා එක්ව කටයුතු කරන ලෙසද ඔවුන්ට ආරාධනා කළේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.