Wednesday, January 14, 2026
Follow Us
ඔසී කෙල්ලෝ ජය සමරති
ලෝක කුසලාන කාන්තා එක්දින ක්රිකට් තරගාවලියේ පාකිස්තානය සමග අද පැවැති තරගය ජය ගැනීමට ඔස්ට්රේලියාව සමත් විය.
තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්රේමදාස ක්රිකට් ක්රීඩාංගණයේදී.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්රේලියාව පන්දුවාර 50 ඇතුලත කඩුලු 9 ක් දැවී ලකුණු 221 ක් රැස් කළේ ය.
 
ඔස්ට්රේලියා කණ්ඩායමේ පළමු කඩුලු 7 දැවී ගියේ ලකුණු 76 කට.
 
අනතුරුව ඔස්ට්රේලියා ඉනිම ගොඩනැගීම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්රීඩා කල බෙත් මූනි ලකුණු 109 ක් රැස් කලා.
අලානා කිං නොදැවී ලකුණු 51 යි.
පන්දු යැවීමේදී නශ්රා සන්දු කඩුලු 3 ක් දවා ගත්තා.
 
රමීන් ශමීම් සහ ෆැටීමා සනා අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.
තරගය ජය ගැනීම සදහා ලකුණු 222 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පකිස්තාන කණ්ඩායමේ පලමු කඩුලු 6 දැවී ගියේ ලකුණු
49 කට.
 
සිඩ්රා අමීන් ලකුණු 35 ක් ලබා සිටියදී දැවී ගියේ 7 වැනි කඩුල්ල ලෙසයි.
 
පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 36 කදී සියලු ක්රීඩිකාවන් දැවී රැස් කලේ ලකුණු 114 ක් පමණයි.
 
ඒ අනුව ඔස්ට්රේලියාව තරගය ජය ගත්තේ ලකුණු 107 කින්.