ලෝක කුසලාන 20-20 ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානමින් පවතී.
පළමු අවසන් පූර්ව තරගය අද පැවැත්වෙන්නේ නවසීලන්ත සහ දකුණු අප්රිකා කණ්ඩායම් අතරයි.
එම තරගය කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්රිකට් ක්රීඩාංගණයේදී රාත්රී 7.00 ට ආරම්භ වන අතර දෙවැනි අවසන් පූර්ව තරගය හෙට ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන්නේ මුම්බායිහි වන්කඩේ ක්රිකට් ක්රීඩාංගණයේදීි.
මෙම තරග දෙක සදහාම අතිරේක දිනය බැගින් ලබා දී තිබීම ද විශේෂත්වයක්.