Monday, February 23, 2026
Follow Us
ගෑස් සිලින්ඩර් ලක්ෂ 3ක්  වෙළඳපොළට නිකුත් කිරීම ඇරඹේ
ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.
 
ඒ අනුව අද (23) සිට අදාළ ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බව ද එම සමාගම සඳහන් කරයි.
 
ගෑස් මෙට්රික්ටොන් 3,900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ඊයේ පැමිණි අතර ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ දිනයේම ආරම්භ කළ බවත් මේ අතර තවත් ගෑස් නෞකා 02ක් ලබන 25 සහ 28 යන දිනවලදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන බවත් එම සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.