Saturday, February 21, 2026
Follow Us
දියගම වනාන්තරය සුරැකීමේ විශේෂ වැඩසටහනක්

වනාන්තර පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා ජනතාවගේ සහභාගීත්වය අත්‍යාවශ්‍ය බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ දියගම වනාන්තර පද්ධතියේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සහ එහි අවිධිමත් ලෙස බැහැර කර ඇති කසළ ඉවත් කිරීම සඳහා ඊයේ (20) පැවැති වැඩසටහනකට එක්වෙමිණි.

දියගම වනාන්තර තුළ සිදුකළ පිරිසිදු කිරීමේ කටයුතුවලට අමතරව, එහි ස්වභාවික වනාන්තර ලක්ෂණ ආරක්ෂා වන පරිදි රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරිණි. දිගුකාලීනව වනාන්තර පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා ජනතාවගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය බව අමාතයවරයා මෙහිදී අවධාරණය කළේය.

පාරිසරික සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සහ දියගම වනාන්තර පද්ධතිය ස්වභාවික සම්පතක් ලෙස අනාගත පරපුරට සුරක්ෂිතකළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.