මේ වනවිට රට තුළ ප්‍රදේශ රැසක ඩෙංගු රෝගය ව්‍යාප්තියේ වැඩිවීමක් වාර්තා වේ.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.
ඒ අනුව බස්නාහිර පළාතෙන් පමණක් පසුගිය දින දහය තුළ ඩෙංගු රෝගීන් 1317ක් වාර්තා වී තිබේ.
එය සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 54%. මීළඟ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු පළතෙන්.
එමෙන්ම මධ්‍යම හා සබරගමුව පළාත්වලද ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවිමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙයි.