පවතින වර්ෂාපතනයේ යම්කිසි අඩුවීමක් නිරීක්ෂණය වුවද නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.
පසුගිය නොවැම්බර් මස අවසානයේ සහ දෙසැම්බර් මස මුල් සතිය තුළ ලැබුණු වර්ෂාපතනයත් සමඟ මේ වන විට බොහොමයක් ස්ථාන තවදුරටත් අනතුරුදායක තත්ත්වයක පවතින බවත් ඒ අනුව මෝසම් වර්ෂාවත් සමග සුළු වර්ෂාපතනයකදී වුවද යම් ආකාරයක අනතුරුදායක තත්ත්වයක් ඇති විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල, මීගහකිවුල, වැලිමඩ, කන්දකැටිය, හාලිඇල, බදුල්ල, ඌව පරණගම සහ පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට තවදුරටත් අදියර එක යටතේ නිකුත් කර තිබූ නායයෑමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ සහ උඩුදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අදියර 01 යටතේ නිකුත් කර තිබූ නිවේදනය එලෙසින්ම පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, උකුවෙල, අඹගග කෝරළේ, රත්තොට සහ ලක්ගල, පල්ලේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, වලපනේ, මතුරට සහ හඟුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් අදියර එක යටතේ විමසිලිමත්ව සිටින නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකය.