Sunday, September 14, 2025
Follow Us
පොලිස්පති කාර්යාලයේ WhatsApp අංකයට පැමිණිලි 7000ක්

ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි වට්ස්ඇප් අංකයකයට මේ වනවිට පැමිණිලි 7000 ක් පමණ ලැබී ඇතැයි පොලිසිය පවසයි.

 එම පැමිණිලිවලින් පොලිසියට අදාළ සියලු පැමිණිලි සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගෙන තිබෙන බව ද වාර්තා වෙයි.

මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් 071 – 8598888 යන වට්ස්ඇප් අංකය පසුගියදා හඳුන්වා දුන්නේ ය.

කෙසේ වෙතත් එම අංකයට ලැබෙන ඇතැම් පැමිණිලි පොලිසියට අදාළ ඒවා නොවන බවද පොලිසීය ප්‍රකාශ කරන ලදි.

එබැවින් ඒ සඳහා පැමිණිලි යොමු කිරීමේදි පොලිසියට අදාළ පැමිණිලි පමණක් යොමු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.