Sunday, September 14, 2025
Follow Us
 “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ තෙවන වැඩසටහන රත්නපුර, ඇහැලියගොඩදී

සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය විසින් ග්රාමීය ජනතාවගේ සෞඛ්ය තත්ත්වය ඉහළ නැංවීම ප්රධාන අරමුණ කර එම ජනතාවගේ නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග හඳුනා ගැනීම, ප්රතිකාර ලබා දීම, ඉදිරි ප්රතිකාර සේවාවන් සඳහා රජයේ ප්රධාන රෝහල්වල විශේෂඥ සායන සඳහා යොමු කිරිමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් අනූව දීප ව්යාප්තව පවත්වනු ලබන “ආරෝග්යා” ජංගම සුව සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ඊයේ  (13) පෙරවරුවේ රත්නපුර දිස්ත්රික්කයේ, ඇහැලියගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බටහිර කලටුවාව, හේවායින්න කන්ද විද්යාලයේ දී ආරම්භ කෙරිණි.

සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලද “ආරෝග්යා” ජංගම සුව සායනය අද පස්වරුව දක්වා පැවැත්වෙන අතර එමගින් රසායනාගාර සේවා, දන්ත වෛද්ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරීක්ෂාව, රුධිරයේ මේද මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පීඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද වෛද්ය සායනය, වකුගඩු සායනය, බෝනොවන රෝග පිළිබඳ සායනය,මානසික උපදේශ සේවා, පෝෂණ උපදේශ සේවා, සහ චීන කටු චිකිත්සාව මෙන් ම සෞඛ්ය අධ්යාපන වැඩසටහන් ඇතුළු වෛද්ය සේවාවන් රැසක් සහ ඖෂධ නිකුත් කිරීම ද සිදු කරනු ලබයි.
 
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ආරෝග්යා සුව සායන වැඩසටහන ඕපපාතිකව ගමක් තෝරාගෙන සිදුකරන වැඩසටහනක් නොවන බවත්, සුවපත් රටක් උදෙසා "Healthy Sri Lanka" වැඩසටහනේ එක් අංශයක් ලෙස "ආරෝග්යා" ජංගම සුව සායන වැඩසටහන ක්රියාත්මක කරන බව ය.
 
මෙයට සමගාමීවම ජනතාවගේ රෝග කලින් හඳුනාගත හැකි, ප්රතිකාර සඳහා යොමුවිය හැකි, ඒ පිළිබඳව පසුවිපරමක නිරතවිය හැකි, වැඩිදුර ප්රතිකාර සදහා ඉහළ රෝහල් සදහා යොමුකළ හැකි, ජනතාවට සමීප සෞඛ්ය මධ්යස්ථාන ආරම්භකරන බව ද පැවසී ය. එය ජනගහණය 8000-10000 ජනතාවක් ආවරණය වන ප්රතිකාර මධ්යස්ථානයක් වන බවත්, එය සෞඛ්ය හා සුවතා මධ්යස්ථානයක් වන බව ද අමාත්යවරයා වැඩිදුරටත් පැවසී ය.
 
ආරෝග්යා සුව සායන මධ්යස්ථානය නමින් එළැඹෙන සැප්තැප්බර් 26 වන දා සිට මෙරට දිස්ත්රික්ක පහක, නියමු ව්යාපෘති ලෙස මධ්යස්ථාන දහයක් ආරම්භ කරන බවත්, ඉන් එකක් රත්නපුර දිස්ත්රික්කයේ ඇත්ඔය ප්රදේශයේ දී සැප්තැප්බර් 27වන දා ආරම්භ කරන බවත් සඳහන්කර සිටියේ ය.
මෙම වර්ෂය තුළ දී සෞඛ්ය මධ්යස්ථාන සියයක් සදහා ඉදිරි මාස කිහිපයේ දී මුල්ගල තබන බවත්, වසර තුනක් තුළ සුවතා සෞඛ්ය මධ්යස්ථාන දහසක් මගින් ජනතාව ආවරණය කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්යවරයා පැවසී ය.
 
වර්තමානය වනවිට පවතින ප්රධානතම අභියෝගය බෝනොවන රෝග බවත් එයින් මෙරට ජනතාව ආරක්ෂාකර ගැනීමේ අරමුණින් ආරෝග්යා සුව සායන මධ්යස්ථානය ස්ථාපනය කරන බවත්, ආරෝග්යා සුව සායන පවත්වන බවත් සඳහන් කර සිටියේ ය.
 
බෝනොවන රෝගවලට ගොදුරුවන පිරිසෙන් පරීක්ෂණ සඳහා යොමුවන්නේ ඉතා සිමීත පිරිසක් බව මෙහි දී පෙන්වා දුන් අමාත්යවරයා පරීක්ෂණවලට යොමුවූවත් ප්රතිකාර සඳහා යොමුවන්නේ ඉතාම අඩුවෙන් බව ද පැවසී ය. එයිනුත් ප්රතිකාර අඛණ්ඩව ගනු ලබන්නේ ඉතාමත්ම සීමිත පිරිසක් බව ද අමාත්යවරයා මෙහි දී සඳහන් කර සිටියේ ය.
තව වසර කිහිපයකින් මෙරට ජනගහනයෙන් 25% ක් වැඩිහිටි ජනගහනය බවට පත්වන බව අවධාරණය කළ අමාත්යවරයා, පෝෂණ තත්ත්වය, මානසික සෞඛ්ය වැනි කරුණු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරමින් මෙවැනි ජංගම සායන දීපව්යාප්තව ග්රාමීය මට්ටමින් පවත්වන බව පැවසී ය.
 
කොළඹ ජාතික රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල, රත්නපුර ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලය, අවිස්සාවේල්ල දිස්ත්රික් මහ රෝහල, ඇහැලියගොඩ මූලික රෝහල, අවිස්සාවේල්ල සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය, ඇහැලියගොඩ සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය සහ සබරගමුව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යන සෞඛ්ය ආයතන සහ රෝහල්වල සේවයේ නියුතු විශේෂඥ වෛද්යවරුන් , වෛද්යවරුන් , හෙද හෙදියන්, පරිපූරක හා අතුරු වෛද්ය සේවා වෘත්තිකයන් මෙන්ම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය එකසිය පනහකට අධික පිරිසක් තමසේවා දායකත්වය මෙම ජංගම සුව සායනය සදහා ලබා දෙනු ලබයි.
 
ජංගම සායනය පැවති ප්රදේශයන්හි බහුතරයක් ජනතාව තේ, රබර්,ගම්මිරිස්,කුරුදු වැනි බෝග වගාවන්වල නියැලෙන අඩු හා මධ්යම ආදායම්ලාභීන්ය. සායනය සඳහා සහභාගි වූ ඒම ජනතාව අදහස් දක්වමින් පවසා සිටියේ තම ගම්මානයටම පැමිණ මෙවැනි ජංගම සායන පවත්වා නිදන්ගත රෝග, බෝවන රෝග, බෝනොවන රෝග හඳුනාගනිමින් ඒවාට ප්රතිකාර ලබා දීමත් වැඩිදුර ප්රතිකාර සඳහා රජයේ රෝහල්වල සායනවලට යොමු කිරීමට කටයුතු කිරීමත් වෙනුවෙන් සෞඛ්ය අමාත්යවරයා ප්රමුඛ සියලුම සෞඛ්ය කාර්ය මණ්ඩලවලට ස්තූතිවන්ත වන බවයි.
 
මෙම අවස්ථාවට ඇහැලියගොඩ ප්රාදේශීය සභාවේ සභාපති බන්දුලසේන දුනුවිල, ඇහැලියගොඩ ප්රාදේශීය සභා මන්ත්රී වජිර සුසන්ත ජයසිංහ, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ඡ්යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති හා ප්රචාරණ) ලක්ෂ්මේන්ද්ර දමයන්ත්කුමාර තෙන්නකෝන්,රත්නපුර ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය අනුජ රෝඩ්රිගෝ, හේවායින්න කන්ද විද්යාලයේ විදුහල්පති එච්.ජී.එස්. ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු ව ප්රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.