Friday, January 02, 2026
Follow Us
පළාත් කිහිපයකට සවසට තද වැසි

බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල  දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.