ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජිඔකමුරා මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් ඊයේ (12) මොරොක්කෝවේ මරකේච්හීදි සිදුවිය.
ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා ද මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බවත් ඊට අදාළ ක්ෂේත්‍ර පිළිබඳ වෙන වෙනම සොයා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
පසුගිය වසර 76ක කාලය පුරා ශ්‍රී ලංකා රජය එක ශ්‍රේණියේ සිට ප්‍රථම උපාධිය තෙක් දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීම ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනෙන ලක්ෂණයක් බවත් මෙරට ස්ථාපිත ජාත්‍යන්තර පාසල් 300ක් හා පෞද්ගලික පාසල් 110ක් හරුණු විට 10,135ක් වන රජයේ පාසල්වල නිදහස් අධ්‍යාපන අවස්ථා හිමි මිලියන 4.1ක් වූ සිසුන්ට නොමිලේ පෙළපොත් සහ පාසල් නිල අඳුම් ද ලබා දෙන බවත් ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වෙන ලෝක පාසල් ආහාර වැඩසටහනේ ප්‍රථම ගෝලීය සමුළුව අමතමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඉදිරි අයවැය මගින් සහන සැලසිය යුතු ප්‍රධාන පාර්ශ්ව අතර රාජ්‍ය සේවකයන් ද සිටින බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් කෙරෙහි රජය ඉතා අවධානයෙන් පසුවන බවයි. රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සංදේශයක් වැඩ බලන මුදල් අමාත්‍යවරයා වෙත ලබාදීම සඳහා රාජ්‍ය සහ පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය මුදල් අමාත්‍යාංශය වෙත පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ රටේ ජනතාවට අලුතින් බදු පැනවිය නොහැකි බවත් එය ජනාධිපතිතුමත් පැහැදිලිව ම ප්‍රකාශ කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
වසර 25ක ව්‍යාපාරික විශිෂ්ටත්වය සනිටුහන් කරමින් සියැට්-කැලණි ටයර් ව්‍යාපාරය රාජ්‍ය ව්‍යවසායක සිට සාර්ථක පෞද්ගලික ව්‍යාපාරයක් දක්වා පැමිණි විශිෂ්ට ගමන් මග මෙහිදී ප්‍රශංසාත්මකව අගය කළ ජනාධිපතිවරයා එය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට පිවිසීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ට මහඟු ආදර්ශයක් බව ද පැවසීය.
ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
A cooperation framework agreement was signed in Beijing on Tuesday between the Port City Economic Commission, China Harbour Engineering Company, Browns Investments and Hunan Construction Investment Group for the phase 2 development of the Colombo Port City project for $ 1.565 billion.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජිඔකමුරා මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් ඊයේ (12) මොරොක්කෝවේ මරකේච්හීදි සිදුවිය.
දැනට අස්වැසුම ප්‍රතිලාභ සදහා අයදුම් කරඇති නමුත්, තේරීපත් වී නැති ප්‍රතිලාභින්ගේ නොවිසදුණු ගැටලු නිරාකරණය කර සුදුස්සන් තෝරා ගැනීම සදහා “අස්වැසුම සතිය” නමින් වැඩසටහනක් නොවැම්බර් මස 6 -11 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන විස්තීරණ ණය යෝජනා ක්‍රමයේ දෙවැනි වාරිකය නුදුරේ දී ම ලැබෙනු ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂිකා ගීතා ගෝපිනාත් මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්වුණි. එහි දී ඇය ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කළ අතර, ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමට ශ්‍රී ලංකාවේ දරණ ප්‍රයත්නයන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ සහයෝගය සහතික කළේ ය.
State Minister for Finance Shehan Semasinghe stated that the Agreement entered with the IMF and the staff-level agreement reached following the First Review of Sri Lanka’s Extended Fund Facility Arrangement will support to settle arrears owed to multilateral creditors while expediting the debt restructuring process.
මේ වනවිට ලෝකය තුළ උද්ගතව ඇති යුද ගැටුම් හේතුවෙන් රසායනික පොහොර ඇතුළු ආනයනික බොහෝ ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමේ හැකියාවක් පවතින නමුත්, ගොවි ජනතාවට ලබාදෙන රසායනික පොහොරවල මිල ඉහළ නොදැමීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා මොරොක්කෝවට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍යශෙහාන් සේමසිංහ මහතා සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා අතර හමුවක් පැවැත්වෙයි.
Page 54 of 274