Thursday, July 09, 2026
Follow Us
තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය හෙට ජනතා අයිතියට

ග්‍රාම නිලධාරි වසම් 42ක පවුල් 25,000කට සුරක්ෂිත පානීය ජලය සපයන තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය හෙට (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.‍

එමෙන්ම, ජපන් රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක කැබිතිගොල්ලෑව ජල සම්පාදන ව්‍යාපෘතිය රුපියල් බිලියන 32ක වියදමින් ක්‍රියාත්මක කර ඇත. තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය මඟින් එම ප්‍රදේශවල ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබාදීමට හැකියාව මෙමගින් උදා වේ.

පානීය ජල ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීම වෙනුවෙන් පානීය ජල සම්පාදන හා කළමනාකරණ ව්‍යාපෘති රැසක් මේ වන විටත් ආරම්භ කර ඇත.

මෙරට ජනතාවට පිරිසිදු හා සුරක්ෂිත පානීය ජලය ලබාදීම සඳහා මෙම වසර තුළ පමණක් රුපියල් බිලියන 175ක මුදලක් රජය වෙන් කර ඇත.

කිවුල් ජලය භාවිත කිරීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබාදීම මඟින් හඳුනා නොගත් වකුගඩු රෝගය වැළැක්වීමට මෙන්ම එම ගැටලුව අවම කිරීම මෙම ව්‍යාපෘති මඟින් අපේක්ෂා කෙරේ.