Wednesday, July 08, 2026
Follow Us
ශ්‍රී ලංකා විද්වත් සංගම් සම්මේලනයේ (OPA) නියෝජිතයින්, අගමැතිනිය හමුවෙයි
ශ්රී ලංකා විද්වත් සංගම් සම්මේලනයේ නියෝජිතයින් සහ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් අද (08) පාර්ලිමේන්තු පරිශ්රයේදී පැවැත්විණි.
විවිධ ක්ෂේත්රයන්හි මහජනතාව මුහුණ දෙන ගැටලුවලට සෘජුවම වෘත්තීය උපදෙස් ලබා දීමේ ක්රමවේදයක් සකස් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, කෘෂිකාර්මික, ඉදිකිරීම්, වෛද්ය සහ නීති වැනි විවිධ ක්ෂේත්රයන්හි ගැටලු පවතින මහජනතාව වෙත, අදාළ වෘත්තීය සංගම් හරහා පූර්ව උපදෙස් හා මගපෙන්වීම් (Pre-advice) ලබා දීමට ද විශේෂ වැඩසටහන් ක්රියාත්මක කිරීමට OPA ආයතනය සැලසුම් කරන බවත් මෙහිදී අදහස් දැක්වූ OPA නියෝජිතයින් ප්රකාශ කළේය.
රටේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමට සහ ජාතික සංවර්ධනය සඳහා වෘත්තීයවේදීන් දක්වන දායකත්වය අගය කළ අග්රාමාත්යතුමිය, රට තුළ වෘත්තීයභාවය සහ ජාතික මෙහෙවර ඉහළ නැංවීමට ගන්නා උත්සාහයට සහයෝගය දීමට රජය සූදානම් බවද පැවසුවා ය.
මෙම අවස්ථාවට ශ්රී ලංකා විද්වත් සංගම් සම්මේලනයේ සභාපති, උප සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.