Wednesday, July 08, 2026
Follow Us
 ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට බණ්ඩාරවෙලදී මුල්ගල් තැබේ
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්රතිපත්ති ප්රකාශනයට අනුව ග්රාමීය මට්ටමේ දක්ෂ ක්රීඩක ක්රීඩිකාවන්ට ජාතික සහ ජාත්යන්තර ජයග්රහණ කරා යාම සඳහා දොරගුළු විවර කරමින්, ශ්රී ලංකාවේ ප්රථම උණුසුම් ජලය සහිත මහජන පිහිනුම් තටාකය සඳහා මුල්ගල් තැබීම ඊයේ (07) දින බණ්ඩාරවෙල ඌව පළාත් ක්රීඩා සංකීර්ණ පරිශ්රයේදී සිදු කෙරිණි.
 
තරුණ කටයුතු සහ ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ ක්රියාත්මක වන මෙම ව්යාපෘතිය සඳහා රුපියල් 144,191,250.00 ක ප්රතිපාදන වෙන් කර ඇත.
 
මෙම ආරම්භක අවස්ථාවට එක් වූ තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කළේ  "අපේ රටේ තරුණයන් සිරකරුවන් කරනවා වෙනුවට, ඔවුන් රටට වැඩදායී විනයගරුක ක්රීඩකයන් බවට පත්කිරීමේ තවත් එක් සුවිශේෂී ව්යාපෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි" යනුවෙනි. සැමදා කොන්වන ග්රාමීය ක්රීඩකයාට නවීන පහසුකම් ලබාදීම රජයේ මූලික ඉලක්කයක් බව ද අමාත්යවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්රීඩා නියෝජ්ය අමාත්ය සුගත් තිලකරත්න,තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හේන්නායක ,ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න, සංචාරක නියෝජ්ය අමාත්ය රුවන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.